gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යතුරු පැදි කාණ්ඩයක් සඳහා තිබූ ආනයනය සීමා ඉවතට!

යතුරුපැදි ආනයනයට අදාළ සීමාවක් ඉවත්කරමින් මුදල්, ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය පසුගිය 29 වනදා සිට බලපැවැත්වෙන බව එහි දැක්වේ.

එම ගැසට් නිවේදනය අනුව නව විද්‍යුත් යතුරු පැදියක් ආනයනය කරන්නේ නම් ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බවට පැවති සීමාව ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පරිහරණය කරන ලද විද්‍යුත් යතුරු පැදි ආනයනය කරන්නේ නම් තවදුරටත් බලපත්‍රයක් ලබා ගත යුතු වනු ඇති.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka