gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිධානයක් කැඩුවා වගේ! කොටින්ගේ බැංකුවල තිබූ රත්තරන් තොග පිටින් මතුවෙයි! (VIDEO)

යුද හමුදාව විසින් පසුගිය කාලයේ විවිධ විමර්ශන කටයුතු සඳහා රදවාගෙන තිබූ භාණ්ඩ තොගයක් අදාළ විමර්ශන නිමවීමෙන් අනතුරුව රජය වෙත භාරදීම යුද හමුදා මූලස්ථානයේදී ඊයේ  (2) සිදුවිය.Sri Lanka Latest News

යුද්ධය අවසන්වීමෙන් අනතුරුව LTTE සංවිධානයේ බැංකුවල හා එම සංවිධානය සතුව තිබී යුද හමුදාව මගින් තම භාරයට ගෙන විමර්ශන සඳහා මෙතෙක් රඳවා තබාගෙන තිබූ රත්‍රං, රීදී හා මැණික් ඇතුළු ස්වර්ණාභරණ  මෙලෙස භාරදුන් භාණ්ඩ අතර විය.

ඒ අනුව ස්වර්ණාභරණ සහිත පාර්සල් 120ක් ඊයේ  දිනයේදී පොලීසිය වෙත භාරදී තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම භාණ්ඩ පාර්සල් පොලිස් ආරක්‍ෂාව යටතේ ශ්‍රී ලංකා මැණික හා ස්වර්ණාභරණ අධිකාරියේ මගින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දීප්ත ආරියසිංහ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූර්යආරච්චි යන මහත්වරුන් සහභාගි වූහ.

මෙම රන් භාණ්ඩ ස්වර්ණාභරණ අධිකාරිය මගින් පරීක්ෂාවට ලක්කිරීම අනතුරුව එහි වටිනාකම හා බර ප්‍රමාණය ප්‍රකාශයට පත්කර මාධ්‍යයට දැනුවත් කිරීමට නියමිතව ඇත.

මෙම රන් භාණ්ඩවල හිමිකරුවන්ට සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව යළි භාරදීමට කටයුතු කිරීමට උත්සාහ කරන බව මෙහිදී අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.
gossip lanka

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka