සමගි ජන බලවේගයේ සභාපති ධූරය යළි භාර ගන්නා ලෙස එහි හිටපු සභාපති ඉමිතියාස් බකීර් මාකර් වෙත කළ ඉල්ලීම ඔහු යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.
පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ඔහුගේ නිවසට පැමිණ යළි සභාපති ධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති අවස්ථාවේ දී ඉම්තියාස් බකීර් මාකර් ප්‍රකාශ කර ඇත්තේ තමා සභාපති ධූරය සම්බන්දව ගෙන ඇති තීරණය යළි වෙනස් කිරීමේ අදහසක් නොමැති බවයැයි වාර්තා වේ.
පසුගිය මාර්තු මාසයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේය.