gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාළුවෙක්ට ඇප තියන්න උසාවි ඇවිත් හිරේට දාපු අසංගගේ හිස කුඩුවෙන්න ගහලා මරලා!

රිය අනතුරක් සම්බන්ධයෙන් සිය මිතුරෙකුට ඇප තැබීමට අධිකරණයට ගිය පුද්ගලයකු, එහිදී ඔහුගේ ජංගම දුරකථනය නාදවිම හේතුවෙන්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

පසුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරට රැගෙන ගිය ඔහු එහිදී මරණයට පත්ව ඇත.

පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති.

පහතින් දැක්වෙන්නේ මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය නීති සංසදයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ප්‍රබෝධ රත්නායක සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.

‘වයස 45 පමන වන අසංක ඉදුනිල් එක්දරු පියෙක්. අසංගගේ ඥාතීන් පවසන ආකාරයට ඔහු පසුගිය අප්‍රේල් 30 වෙනිදා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට යන්නේ රිය අනතුරක් සම්බන්ධයෙන් සිය මිතුරෙකුට ඇප තියන්න. එහිදී අධිකරණය තුළ සිය දුරකතනය නාදවීමේ සිදුවීමක් නිසා අධිකරණයට අපහාස කිරීමේ චොදනාවක් මත අසංග දින 14කට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරා කියලයි ඥාතීන් පවසන්නේ. ඒ අනුව අසංගව අගුණකොළපැලැස්ස බන්ධනාගාරට ගෙන යනවා. බන්ධානාගාරගත කිරීමෙන් දිනයකට පසු එනම් මැයි 02 වෙනිදා අසංක මිය ගිය බවට පණිවිඩය ඥාතීන්ට ලැබෙනවා. මරණ පරීක්ෂණයේදී අසං​කගේ හිසට හානිවී තිබුන බව වෛද්‍යවරයා තමන්ට පැවසූ බවයි අසංකගේ ඥාතීන් පවසන්නේ, බන්ධනාගාරයෙදී සිදුවූ පහරදීමකින් මෙම මරණය සිදුවූ බවටයි ඥාතීන සැක කරන්නේ. මිය ගිය අසංකගේ දරුවා මෙවර වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න සුදුසුකම් ලබපු දරුවෙක්. අසංක හම්බන්තොට ආර්ථික මද්‍යස්තානයේ සුලු රැකියාවක් කරපු කෙනෙක්, මේ මිය යන්නේ මේ රටේ අව-වරප්‍රසාදිත මිනිස්සු, මේ මිනිසුන්ගේ ජීවිත වලට වටිනාකමක් ලැබිය යුතුයි.’
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka