පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවට ලබන 19 දා පස්වරු 2 ට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කැඳවා තිබේ. පොලිස්පතිවරයා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, පසුගිය සති කිහිපය තුළදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදු කර තිබිණි.
මෙම කමිටුව (මැයි 15) දින ද පාර්ලිමේන්තුවේදී රැස්වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සිදු කරන ලදී.
එම මූලික විමර්ශනවලින් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේසේ විමර්ශන කමිටුව ඉදිරියට කැඳවන්නේ පළමු වරටය.
විමර්ශන කමිටුව එළඹෙන 19 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතව තිබේ.