gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජයග්‍රාහිකාවගේ අංකය මාරු වෙයි... කිරුළ දරා ඡායාරූප ගනිමින් සිටි අවුරුදු කුමරියට හදිසියේම වේදිකාවෙන් බැස යන්නට වුණේ සිදුවූ ලැජ්ජාවත් දරාගෙනමලු

මේ ගෙවී යන්නේ අවුරුදු සමයයි..

ලංකාවේ හැම පැත්තකම වගේ අවුරුදු උත්සව පැවැත්වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් අවුරුදු උත්සවයක් අතරතුර හිතාගන්න බැරි සිදුවීමක් වෙලා ලු.. ඒ මොකක්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ කතාවයි.. අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාල්ල පැත්තේ, සංචාරක හෝටලයකින් අසන්නට ලැබුණා..
එය සිය හෝටලයේ ලැගුම්ගෙන සිටින විදෙස් සංචාරකයන් පිනවීමට සංවිධානය කළ අවුරුදු උත්සවයක්... විදේශිකයන් වෙනුවෙන්ම සංවිධානය කර තිබූ මේ අවුරුදු උත්සවයට මෙරට අවුරුදු උත්සවවල පැවැත්වෙන අංග රැසක්ම එක්කර තිබුණා...

මෙයින් වඩාත්ම සිත් ගත්තේ විදෙස් අවුරුදු කුමරිය තේරීමේ තරගයයි.. ඊට විදෙස් සංචාරක කාන්තාවෝ රැසක්ම සහභාගී වීමයි... මේ අතරින් ඇතැම්හු සිංහල චාරිත්‍රයට අනුව රෙද්ද හැට්ටය හැඳ ඉදිරිපත් වුණේ ගොඩක් ආසාවෙන්ලු... සාරි ඇන්ද අය ද ඒ අතර කිහිපදෙනෙක් වුණා.. කලිසම් කමිස හැඳසිටි කාන්තාවන්ද නොසිටියාම නොවේ...

අවුරුදු කුමාරිය තේරීම සඳහා සංවිධායක මණ්ඩලය පත් කළ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිට දී මේ විදෙස් සංචාරක කාන්තාවෝ තමන්ගේ පංචකල්‍යාණය පෙන්වූවා.. ඒ විතරක්ම නොවේ සිය හැකියාවන්ද ඔවුහු පෙන්වූවා... ඒ වෙනුවෙන් ඇතැම්හු ගී ගැයූ අතර ඇතැම් අය නර්තනද ඉදිරිපත් කළා... රංගනයන් ඉදිරිපත් කළ අය ද සිටියා.. ඒ නිසාම විනිශ්චය මණ්ඩලයටත් අවුරුදු කුමාරිය මහත් පරිශ්‍රමයක් දරා තෝරන්නට සිදුවුණා..

එම ප්‍රතිඵලය නිවේදිකාව අතට පත්වූ පසු සිදුවුණේ කවුරුත් නොසිතූ යමක්.. ඇය දන්නා මායම් සියල්ල දමමින් මහත් උජාරුවෙන් අවුරුදු කුමාරිය කවුරුන්ද යන්න යකඩ කටෙන් කීවා... ඒ අවුරුදු කුමාරියට තේරීපත්වූ විදෙස් සංචාරක ලලනාවගේ නමින් නම් නොවේ, ඔවුන් පැලඳ සිටි අංකයෙන්...

අවුරුදු කුමාරියට තේරී පත්වූයේ අංක හයයි... එම අංකය කියනවාත් සමගම එක් විදෙස් කතක් උඩ පැන පැන තමන් අවුරුදු කුමාරිය යැයි කීවා... සියල්ලන්ගෙන් දැන් ඇයට සුබපැතුම් ලැබෙනවා.. උණුසුම් අයුරෙන් සිප වැළඳගැනීම් ද හරි හරියටයි... අවුරුදු කුමාරී කිරුළ ද ඇයගේ හිසේය... සාටකය ඇඟ වටේය...
මේ අල්ලපනල්ලේ එක් විදෙස් තරුණියක් තමා අත පැලඳ සිටි අංක හය පෙන්නුවා... මේ සමගම අවුරුදු කුමාරිය ලෙස අබිසෙස් ලබා ඡායාරූපකරණයේ යෙදී සිටි තරුණියට හීන් දහඩිය දැමුවා...

සංවිධායකයන් අන්දුන් කුන්දුන්ය. අවුරුදු කුමාරිය ලෙස කිරුළ පැලඳි තරුණියගේ අත පැලඳි අංකය සංවිධායක මණ්ඩලය බැලු‍වේ එවිටයි.. එය අංක හය නොව අංක නවයයි.. විදෙස් තරුණියට අංක නවය හය ලෙස පෙනී තිබුණා.. සංවිධායක මණ්ඩලය ඒ ගැන විපරම් කළේද නැහැ... අවසානයේදී එතැන සිටි සියල්ලන්ගේම සිනා මධ්‍යයේ ව්‍යාජ අවුරුදු කුමරියගේ හිස පැලැන්දූ කිරුළ සහ ඇඟට දැමූ සාටකය ගලවාගෙන නියම අවුරුදු කුමාරියට පැලැන්දුවේ මේ වගේ අකරතැබ්බයක් මින් පෙර සිහිනයකින් වත් නොදුටුවේ යැයි කියමින් ලු‍...
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka