gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර ලීටරයක නව මිල රුපියල් 293කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර ලීටරයක නව මිල රුපියල් 341ක් වේ.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් අඩුවන අතර ලීටරයක නව මිල රුපියල් 274කි. 

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 325ක් වේ. 

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 178කි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka