gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ගින්දර නෙවෙයි සුනාමියක් ආවත් මම මට කරන්න ඕනේ දේ මම කරනවා” – අතුරුදන් කියූ චන්දිමාල් කට අරී (VIDEO)

රාජගිරිය ගුවන් පාලමට යාබදව පිහිටි තැප්‍රෝබේන් උත්සව ශාලාවේ ඊයේ 5 වනදා රාත්‍රී ඇතිවූ ගින්නකින් එම උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ විය.

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ ‘කැලින් CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය 2025’ තරගය අතරතුර මෙම ගින්න හට ගත් අතර ගින්න නිසා තරගයේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ අවසාන අංග කිහිපයක් අතහැර දමන්නට සිදුවිය.

තරගය අවසන් වීමට ආසන්න අවස්ථාවේ දී එම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

උත්සව ශාලාවේ තිර රෙදි වල ගින්න හටගෙන අනතුරුව විනාඩි කිහිපයක් තුළ සමස්ත ශාලාව තුළම ගින්න පැතිර ගිය බව සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කර තිබෙයි.

ගින්න පැතිරෙන අතරතුර මයික්‍රෆෝන මගින් අනතුරු අගවමින් වහාම ඉවත්වන ලෙස පිරිසට දන්වා සිටි නිසා සියල්ලන් එතැනින් ඉවත්ව යාමට හැකිවිය.

කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර කිහිප දෙනෙකු සුලු තුවාල පමණක් ලබා ඇති බවයි වාර්තා වෙයි.

ගිනි නිවන අංශ ගින්න පාලනය කිරීමට උත්සාහ කළ ද ඒ වනවිටත් ශාලාව පුරා ගින්න පැතිරීගොස් තිබූ අතර
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට උත්සාහයකද නිරත විය.

නමුත් වාර්තවන ආකාරයට සම්පූර්ණ ශාලාවම මෙයින් ගිනිබත් විය.

මෙය කඩාකප්පල් ක්‍රියවක්ද යන්න සැකයක්ද මතුව ඇති අතර ගින්න සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ story සඳහා පමණක් වීඩියෝවක් එක් කරමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා.

ඔහු සඳහන් කර තිබුණේ ගින්දරක් නොව සුනාමියක් ආවත් තමන් මෙම අවසන් තරගය නැවත ඒ ආකාරයෙන්ම පවත්වන්නට කටයුතු කරන බවයි.

බොහෝ පිරිසක් අදහස් දක්වමින් කියා සිටින්නේ චන්දිමාල් ජයසිංහට එදිරි පාර්ශවයක් විසින් මෙම උත්සවය කඩාකප්පල් කිරීමේ අරමුණින් යම් දෙයක් සිදු කරන්නට ඇති බවයි.

නමුත් ඒ සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලැබී නැහැ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka