gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උඩුගුවනේදී බීලා සූර් වු විදේශිකයා ගුවන් සේවිකාවට අනඟරැගුම් පා දඩ කයි

අධික ලෙස බීමත්ව 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකු උඩුගුවනේදී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ රහස් ප්‍රදේශ පෙන්වීමට තැත් කරමින් හා හිංසන සිදුකිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රුපියල් 26,500 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියම කළේය.

ස්විඩන් ජතික මෙම සැකකරු මුල් අවස්ථාවේ වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩය නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස හතරක සිර දඬුවම් හිමි විය යුතු බවට නියෝග කළේය.

අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙම සැකකරු වරද පිළිගන්නා බවත් බීමත්ව අව සිහියෙන් සිදුවූ වරදවල් වලට තමන් පශ්චාත්තාප වන බවටත් ප්‍රකාශ කිරීමෙන් පසුව ඉදිරිපත් කළ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා මෙම දඩ මුදල හා දඬුවම් නියම කළේය.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් අගතියට පත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාව විත්තිකරුගෙන් වන්දියක් අපේක්‍ෂා නොකරන බව ගුවන් තොටුපළ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka