gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැදිරිගිරිය ප්‍රසංගයේ චෝදනාවට වස්ති අනුෂ්ක පිළිතුරු දෙයි!

පසුගිය දා  (14) රාත්‍රීයේ දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇතිවූ කළහකාරී සිද්ධියක් මෙරට සංගීත ප්‍රසංග ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළේය.

කෙසේවෙතත් සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්වයන් සඳහා චෝදනා එල්ල වෙමින් ඇති අතර පොලිස් විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් මාධ්‍ය වෙත වාර්තා වූයේ ප්‍රසංගය සඳහා සහභාගී වන බවට ප්‍රකාශ වී තිබු ගායකයින් දෙපළක් සංගීත සංදර්ශනය සඳහා සහභාගී නොවීම හේතුවෙන් මෙම කළහකාරී තත්ත්වය හට ගත් බවයි.

සංවිධායක මණ්ඩලය පැවසූවේ ජනප්‍රිය “වස්ති” ශිල්පීන් දෙපළ සහ දැනට අත්අඩංගුවේ පසුවන “ශාන් පුතා” යන ශිල්පීන් ප්‍රසංගයට සහභාගී නොවීම මත රසිකයන් කෝපයට පත්ව ප්‍රසංගයේ දේපොළ සහ උපකරණ සියල්ල විනාශ කර දැමූ බවයි.

වාදනය සඳහා ජනප්‍රිය “AVATAR” සංගීත කණ්ඩායම මෙම ප්‍රසංගයට වාදනයෙන් දායකත්වය සැපයූ අතර කලාකරුවන් කිහිපදෙනෙක් නොපැමිණීම හේතුවෙන් එම අඩුව පිරවීම සඳහා සංගීත කණ්ඩායම අළුයම 1.30 වනතෙක් වාදනය කළ බවද පැවසේ.

කෙසේවෙතත් කෝප වූ ප්‍රදේශයේ ජනතාව සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ පවා විනාශ කර ඇත.

ප්‍රසංගය සඳහා රුපියල් 1,000 සහ 2,500 ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින් එම මුදල සඳහා සාධාරණයක් නොකළ බව පවසමින් මෙම ගැටුම ආරම්භකර තිබේ.

එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් 45 දෙනෙකු පමණ යොදවා තිබුණ ද ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වී ඇති බව වාර්තා විය.

සිදුවීම සම්බන්ධයෙන් AVATAR සංගීත කණ්ඩායමේ නායකයාද ෆේස්බුක් ඔස්සේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනි.

සිදුවීමට සම්බන්ධය තවත් පාර්ශවයක් වන වස්ති කණ්ඩායමේ අනුෂ්ක උදාන මහතාද පෙරේදා දිනයේ (15) පැවති ප්‍රසංගයකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඔහු පවසා සිටියේ රාත්‍රී 11.30 වනවිට වස්ති කණ්ඩායම ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට පැමිණි බවයි.

වේදිකාවට ගොඩ නොවූ හේතුව වෙනත් එකක් බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka