gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසස් පෙළ සිසුන්ට වේවැලෙන් තැලූ ටියුෂන් ගුරා ගැන පරීක්ෂණ අරඹයි!

උසස් පෙළ පෞද්ගලික පන්ති ගුරුවරයකු විසින් ළමයින්ට වේවැල් කිහිපයකින් පහරදීමට අදාළව පරීක්ෂණයක් සිදුකෙරෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

නුගේගොඩ, ගම්පහ ආදී ප්‍රදේශවල ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය විෂය උගන්වන මෙම පෞද්ගලික පන්ති ගුරුවරයා සිය පන්තිවල ළමයින්ට වේවැල් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වේ.

එක් වීඩියෝවකින් ඇක්වෙන්නේ ගැහැනු ළමයකුගේ ජංගම දුරකථනයක් ලබාගත් පිරිමි ළමයෙකුට ඓම ගැහැනු ළමයා යොදවා වේවැල් පහර දෙන ආකාරයයි.

මෙම ගුරුවරයාගෙන් පහර කෑමට ලක්වූ වින්දිතයන් කවුරුන්දැයි යන්න සම්බන්ධව සොයා බැලෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි.

ළමයින් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18 ට අඩු පිරිස් බවත්, උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය හදාරන ඇතැම් සිසුන් වයස අවුරුදු 19 සම්පූර්ණ කර තිබීම නිසා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු තත්ත්වයක් පවතින බවද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක කියා සිටියාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka