මේක අනූව දශකයේ කතාවක්... ඒ කියන්නේ අතීතයට අයිති, වර්තමානයටත් ගැළපෙන කතාවක්. මේ කතාවේ ප්‍රධාන නිළිය ඒ දිනවල ලංකාවේ අතිශය ජනප්‍රිය කෙනෙක්.
ඒ වගේම...ආන්දෝලනාත්මක චිත්‍රපට ගණනාවක ලිංගික සහ නිරුවත් දර්ශන රඟපෑ කෙනෙක්.
ඉතින් මේ කතාව ඒ නිළියට හදවතින්ම බැඳුනු අසාමාන්‍ය ආසාවන් ඇති කෙනෙකු ගැනයි.
"මිනිහා එක්ක බැඳලා ආවට පස්සෙත් නිතරම කිව්වේ ඒ නිළිය ගැන. කොටින්ම ඒ නිළිය එක්ක මෙයා හීන මවාගෙනයි හිටියේ. බිත්තිවල පවා ඒ ගෑනිගේ පින්තූර තිබුණේ. මම ඒක වැඩිය හිතුවේ නෑ. පොඩි කාලේ අපිත් රිතික් රෝෂන්ට, ෂාරුක්ලාට ලව් කළානේ. ඒත් මේක අසාමාන්‍ය එකක්. මිනිහාට ඕනි වුණා ඒ නිළිය එක්ක ඇත්තටම යහන්ගත වෙන්න. හැබැයි ඉතින් ඒක කවදාවත් වෙන් නෑනේ. ඒ නිළිය කාලෙත් එක්ක අතුරුදහන් වුණා. මෙයා කොච්චර පිස්සු වැටිලද කිව්වොත් ඒ නිළිය විදිහට මට අඳින්න කිව්වා.."
"ඒ ගෑනි ඇඳපු විදිහේ ගවුම් කෑලියි, කලිසමුයි ඇඳන් මම හැමදාම රෑට රඟපානවා. කොච්චර තිත්ත වුණත් මට කසාදේ දාලා යන්න හිත දුන් නෑ. ඒකයි ඌ මත්තෙම හිටියේ. මට ඌව හිසරදරයක් වුණා අන්තිමට. ඌ මට එක එක ජාතියේ ක්‍රීම් ගෙනල්ලා ගාන්න කියනවා. මාර අප්පිරියයි. ඉතින් මිනිහනේ. ඉවසන් හිටියා. අන්තිමට ඉවසීමේ සීමාව පැන්නා. එදා තමයි මම මිනිහගේ රහස් තැනට පිහියකින් ඇන්නෙ. මිනිහා විළාප දුන්නා. අන්තිමට මාස ගාණක් බේත් ගත්තා ඒකට..."
"තව ටිකක් එහා මෙහා වුණා නම් මිනිහගේ වැදගත්ම දේ සඳහටම ඉවරයි. ඒක තමා මම දීපූ දඬුවම. හැබැයි මිනිහා මට විරුද්ධව වචනයක් කිව්වේ නෑ. මොකද ඒකේ ලැජ්ජාවත් මිනිහටනේ. මම තර්ජනය කළා මේක කිව්වොත් උගේ පැටිකිරිය එළියට දානවා කියලා. කාලයත් එක්ක මිනිහා නෝමල් වුණා. හැබැයි අර ගෑනිව අමතක කරන්න බැරිවුණා.. මම පස්සෙ කාලෙක රට ගියා. අපිට ළමයිනුත් නෑ. මිනිහාට අදටත් සල්ලි යවනවා."
"දැන් නම් ඔය එක එක ගෑනු ගෙදරට ගෙන්න ගන්නවලූ. මම ඉතින් හොයන් නෑ. කැමති දෙයක් කරගත්ත දෙන් කියලා ඉන්නවා. මම හිතන්නෙ තාමත් මිනිහා අර ගෑනි අමතක කරලා නැතුව ඇති.."