gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වර්ජන අවසන්... වහාම තෙල් ඇනවුම් කරන්න සංගමය සිය සාමාජිකයින්ට දන්වයි!

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා සිය සංගමයේ සියලුම සාමාජිකයින්ට දැනුම්දීමක් කරමින් පවසන්නේ කඩිනමින් ඛනිජ තෙල් ඇනවුම් ලබා ගැනීමට කටයුතු කරනා ලෙසයි.

ඊයේ  (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඉදිරියේදී රජයත් සමග සාකච්ඡා කර පවතින ගැටලුවට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම අද (04) දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව මේ පිළිබඳව සිය සංගමයේ සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කුසුම් සඳනායක.

“අපි දැනුම්දෙනවා සියලුම බෙදුම්කරුවන්ට නැවත යථා පරිදි ව්‍යාපාරය කරගෙන යන්න කියලා.

මොකද අපිට තේරුණා අපි ගත්ත තීරණය අනුව රටේ මහජනතාවට හානියක් වෙනවා කියලා.

අපිට කවුරුවත් කවුරුත් සාකච්ඡාවක් නොදීම තුළින් තමයි මේක මේතරම් දුරදිග ගියේ. දැන් ඒගොල්ලොත් තීරණය අරන් තියෙනවා මේක ඒකපාර්ශවීය කරන්න බෑ මේ අයත් එක්ක සාකච්ඡා කරලා තමයි කරන්න ඕනේ කියන එක.

ඒ නිසා අපි ගරු කරනවා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමාටත් එතුමා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා හෙට උදේ 09ට ඇවිල්ලා රැස්වීමට සහභාගී වෙන්න කියලා.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා සියලුම බෙදුම්කරුවන්ට හැකි ඉක්මනින්ම පෙර පරිදිම ව්‍යාපාරයට එන්න ඇවිත් ඒ බෙදුම්කටයුතු පෙර පරිදිම කරගෙන යන්න කියලා”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka