දුම්රිය සේවයේ සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙතෙක් විවර නොවූ රැකියා අවස්ථා කාන්තාවටන්ට විවර කරදීම හෙට එළඹෙන කාන්තා දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (07) පැවසුවේය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඔහු කීවේ ඉදිරියේ දී ලංගම බස් රථ රියදුරුවරියන්, දුම්රිය නියාමකවරියන්, දුම්රිය රියදුරුවරියන් දකින සිහිනයක අණ්ඩුව පසුවන බවය.
පාසල් ප්‍රවාහන සේවය මුළුමනින්ම කාන්තාවන්ට භාරදීමේ අදහසක් ද රජය සතුව ඇතැයි ඇමතිවරයා පැවසුවේය.
ඔහු මෙසේ පැවසුවේය.
“කාන්තා දිනය දා අපි මේ බව ප්‍රකාශ කරනවා. අපේ ලංගම දුම්රයි සේවය කාන්තාවන් බඳවා ගන්න ප්‍රතිපත්තිමය තින්දුවක් අරන් තියනව. ”
“බස්රථ රියදුරුවරියන්, දුම්රිය ෆයිලට්ලා කාන්තාවන් දකින්න පුලුවන්. ගාර්ඩ්ස්ලා කාන්තාවන් දකින්න පුලුවන්. පාසල් බස් රථ සේවය වැඩිපුර කාන්තාවන්ට බාර දෙන්න අදහසක් තියනවා. එහෙම සිහිනයක් තියනවා.”
ඇමතිවරයා කීවේ ඉදිරියේ දී කාර්යක්ෂම කාන්තා සේවයක් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දකින්නට හැකිවනු ඇති බවය. පුද්ගලික අංශය නිර්මාණාත්මකව ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත සම්බන්ධ කරගැනීම පිළිබඳව රජයේ අවධානය යොමුවි ඇති ආකාරය ද ඇමතිවරයා මෙහිදී වධාරණය කළේය. විවේකාගාර ඇතුළු මගී පහසුකම් දියුණු කිරීම, ඔන් ලයින් ප්‍රවේශපත්‍රවල වංචාව නවත්වා එම ක්‍රමවේදය පුළුල් කිරීම, සියලුම අනාරක්ෂිත දුම්රිය මාර්ග ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම, ඇතුළු කඩිනමින් ගත හැකි සියලුම සාධනීය පියවර ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් ගන්නා බවට ඇමතිවරයා සහතික විය.