වත්මන් ආණ්ඩුව තවදුරටත් ගුරුවරුන් රවටමින් සුබෝධනී වාර්තාව අමතක කර ගුරු – විදුහල්පතිවරුන්ගේ ඉතිරි තුනෙන් දෙකේ වැටුප් ගෙවීම කල් දමමින් සිටීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතාවක් කිරීමට අවශ්‍ය මූලික පියවර ආරම්භ කරමින් අත් පත්‍රිකා බෙදීම දිවයින පුරාම ආරම්භ කළ බව ලංකා ගුරු සංගමයේ සහාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී වැටුප් ගැටලුව විසඳා ගැනීම සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමත් ආරම්භ කළා. රජයට තවදුරටත් ගුරුවරුන් රවටමින් කටයුතු කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ඉදිරියේදී වැටුප් අර්බුදයට සාධාරණ විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩ අරගලයක නිරත වන බව සහපතිවරයා වැඩිදුරටත් පැවසීය.
– නොච්චියාගම එම්. එම්. පී. ජී. පෙරේරා