gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

new test

```
RECENT POSTS
Loading latest news...
```
RECENT POSTS
Loading latest news...
gossip lanka

test

Loading latest news...
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවේ වන්දනාවේ ගිය 6කට හඳුනා නොගත් රෝගයක් ; එක් අයෙක් දැඩිසත්කාර ඒකකයේ!

දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසකගෙන් හයදෙනෙක් කොරෝනා වයිරසයට සමාන, හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයක් සහිතව දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ.

ඉන් එක් රෝගියකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා මත කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙන බැවින් මෙම රෝගීන්ට වැළඳී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වයිරසයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇතැයි ද වාර්තා වේ.

සාම්පල ප්‍රතිඵල ලැබීමට දින කීපයක් ගතවන අතර රෝගී තත්ත්වය පිළිබදව නිශ්චිතවම සඳහන් කළ හැක්කේ එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව වේ.

මේ පිළිබඳව දෙබරවැව රෝහලේ වැඩ බලන තංගල්ල වෛද්‍ය අධිකාරී අවන්ති රූපසිංහ මහත්මියගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඉන්දියාවේ සංචාරය කර පැමිණි අය යම්කිසි සංකූලතාවයක් ඇති වුවහොත් පෞද්ගලික අංශයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර නොගෙන රජයේ රෝහලකට හෝ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසය. 

මේ අවදානම පහව යනතුරු මුඛ ආවරණ පැලඳ අදාළ ආරක්ෂාකාරී පියවර ගැනීම මේ මොහොතේ වඩාත් වැදගත් බවද ඇය සඳහන් කළාය.

මූලාශ්‍රය – අරුණ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka