gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මවගේ කැමැත්තෙන්ම ගෙදර නතරකරගත් ටික්ටොක් කුමාරයා බෑනා වෙන්න හේතුවක් හදාගෙන.. දුවව රෝහලට රැගෙන ගිය මවට තරු විසිවෙයි..

ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ටිකක් වෙනස් වූවක්.. හැමෝම සමාජමාධ්‍ය භාවිත කරනනවා නේ..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක්.. ඇය දැන් ගැබිනියක්.. ඒත් ඒ ගැන කිසිවෙකුත් දැනගෙන ඉඳලා නැහැ.. මෙම දැරිය ඉකුත් වසරේ අප්‍රේල් 30 දා,  ටික්ටොක් සමාජ මාධ්‍යය මගින්,හඳුනාගත් සිසුවෙකු සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩ නගාගෙන තිබෙනවා..

ඒ ආලවන්තකම පටන්ගෙන ටික කලක් ගියාට පස්සේ පෙම්වතිය බැලීම සඳහා ඔහු ඉකුත් ජුනි 30 දා, එම සිසුවා ගල්නෑව පොලිස් වසමේ පදිංචි දැරියගේ නිවසට පැමිණ ඇති බව සඳහන්වෙනවා..

මේ ටික්ටෝක් ආදර කතාවෙන් ඔහු හඳුනාගත් 14 හැවිරිදි මේ බාල වයස්කාර පාසල් දැරියක රවටා ඔහු එම දැරියට අතවර කර ඇති බව නිවැසියන් දැනගන්නේ මාස කිහිපයකට පසුවයි..

කුරුණෑගල ප්‍රදේශයේ සිට ගල්නෑව ප්‍රදේශයට පැමිණි එම පාසල් සිසුවාට ආපසු යාම සඳහා බස් රථයක් නොමැති වීම හේතුවෙන්, දැරියගේ මවගේ කැමැත්ත මත එදින රාත්‍රිය එම නිවසේ නතර කරවා ගෙන ඇති බව ද දැරියගේ ප්‍රකාශවල සටහන් වෙනවා..

එදින රාත්‍රියේදී සැකකාර පාසල් සිසුවා දැරියට අතවර කරත තිබෙනවා.. ඉන්පසු නිවසේ තනිව සිටින අවස්ථා කිහිපයකදී ඔහු පැමිණි බවත්, මේ පිළිබඳව කිසිවකුටත් නොපැවසූ බවත් දැරියගේ ප්‍රකාශවල සටහන් වෙනවා..

හදිසියේ ඇති වූ ‘ක්ලාන්ත‘ තත්ත්වයක් හේතුවෙන් මව විසින් දැරිය තඹුත්තේගම පෞද්ගලික වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය මාස 7ක ගැබිනියක බව දැනගෙන ඇති අතර, අනතුරුව තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා...

අනතුරුව තඹුත්තේගම රෝහල් පොලිසියේ මගින් ගල්නෑව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශනයක් සිදු කර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්.. අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ..

ගල්නෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. රොහාන් මුණසිංහගේ උපදෙස් මත එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරනවා..

දිවයින පුවත්පත ඇසුරෙන්... 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka