gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩුබායි රාළහාමිගේ රාජකාරී බිරිඳ දරු පැටව් 30 සමඟින් නිරුපද්‍රිතව මුදා ගනී!

පසුගිය සතියේ රට තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ ගල්කිස්ස පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු විසින් සිය රාජකාරී ගිනි අවිය නැවත බාර නොදී ඩුබායි රාජ්‍ය බලා පළා යෑමේ සිදුවීම සමාජය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්විය.

එම ගිනි අවිය ඔහු විසින් වෙනත් පාර්ශවයක් වෙත ලබාදී ඇති බවට පසුව තොරතුරු අනාවරණය වූ අතර එය බරපතළකම වටහාගත් පොලීසිය කණ්ඩායම් කිහිපයක් ඔස්සේ ඒ සම්බන්ධයෙන් අඛණ්ඩ විමර්ශණයන් සිදු කළේය.

පොලිස් සහ හමුදා පුහුණුවීම අතරතුරදී රාජකාරී ගිනි අවිය සලකනු ලබන්නේ තම දරු පවුල ලෙසයි, තම ජීවිතයට සමාන වටිනාකමක් ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් තම හිනි අවිය සඳහා ලබාදෙන්නේ එම පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙසයි.

මෙවැනි පසුබිමක ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු විසින් සිය රාජකාරී ගිනි අවිය විකුනා දමා රටින් පලායෑම සිය දරු පවුල විකුනා දමා පළා යෑමට සමාන කළ හැක්කේ එබැවිනි.

කෙසේවෙතත් රටේ පිනකට එම කොස්තාපල්වරයා විසින් වෙනත් පාර්ශ්වයකට යොමුකළ ටී 56 ගිනි අවිය සහ එම ගිනිඅවිය සඳහා යොදාගන්නා උණ්ඩ 30ද ඊයේ (17) සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka