gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'දිනන දකුණ' වෙතින් එජාපයට සහ සජබට චෝදනා

පසුගිය දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡා නිශ්ඵල ලෙස අවසන් වීම සම්බන්ධයෙන් ‘‘දිනන දකුණ - දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය’’ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරනු ලැබ ඇත.
එම මාධ්‍ය නිවේදනයෙන් අදාළ සාමූහිකය අවධාරණය කරන්නේ දකුණු කඳවුරේ ජයග්‍රහණය හෝ සමගිය වෙනුවෙන් එජාප සජබ තුළ කිසිදු අවංක කැපවීමක් නොමැති බවයි.

එමෙන් ම දකුණේ දේශපාලන පක්ෂ නායකයින් හට මාලිමා සීතාම්බර සළුවෙන් වැසුණු ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව ‘කොමියුනිස්ට් පක්ෂ රාජ්‍යයක්’ කරා රට ගෙන යන ආකාරය පිළිබඳව කිසිඳු අදහසක් නොමැති බවද ඔවුන් දැඩිව අවධාරණය කරයි.

මතු දැක්වෙන්නේ ‘‘දිනන දකුණ - දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය’’ විසින් නිකුත් කරනු ලබ තිබෙන සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

 මාධ්‍ය නිවේදනය:
සජබ -එජාප අසාර්ථක සාකච්ඡා පසක තබා, ‘කොමියුනිස්ට් පක්ෂ රාජ්‍ය’ පරාජයට පත්කරමු‼
 
 පසුගිය දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡා නිශ්ඵල ලෙස අවසන් වී ඇත. මෙම සාකච්ඡා සාර්ථක නොවීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික දක්ෂිණංශික දේශපාලන පක්ෂ බිඳවැටීමේ අවසාන පියවර බව අපගේ හැඟීමයි.

මෙම සාකච්ඡා අසාර්ථක කිරීමේ වගකීම දෙපාර්ශවයේ නායකයින් භාරගත යුතු අතර දකුණු කඳවුරේ ජයග්‍රහණය හෝ සමඟිය වෙනුවෙන් ඔවුන් තුළ කිසිදු අවංක කැපවීමක් නොවී ය. රටේ දක්ෂිණාංශ බලවේගයක ප්‍රබලත්වය තහවුරු කිරීම වෙනුවට, පුද්ගලික වාසි, නායකත්වයන්, තනතුරු ආදී වැඩවසම් ප්‍රශ්න මත මේකී නායකයින් මෙම සාකච්ඡා අසාර්ථක කිරීමට කටයුතු කළේය.

මේ අසාර්ථකතාවය, දක්ෂිණාංශ බලවේගයක ප්‍රබල ගොඩනැගීමක් වශයෙන් සැලකිය හැකි අනාගත එක්සත් ආණ්ඩුවක් බිහි කිරීමේ අවස්ථාව අහිමි කිරීමක් වන අතර විපක්ෂය තුළ එකම ආර්ථික හා රාජ්‍ය පාලන ප්‍රතිපත්ති අනුගමනය කරන දෙපාර්ශවයක් වෙන්වීම තුළින් වාමාංශික බලවේගයන් සඳහා ඉදිරියට යාමට වැඩි අවකාශයක් ලබාදීමක් ලෙසද සැලකිය හැකි ය.
 
දකුණේ දේශපාලන පක්ෂ නායකයින් හට මාලිමා සීතාම්බර සළුවෙන් වැසුණු ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව ‘කොමියුනිස්ට් පක්ෂ රාජ්‍යයක්’ කරා රට ගෙන යන ආකාරය පිළිබඳව කිසිඳු අදහසක් නොමැති බව අප හැඟීමයි. එසේම එම කොමියුනිස්ට් පක්ෂ රාජ්‍යයට එරෙහිව දේශපාලනිකව සන්නද්ධ වීමට ද සැබෑ වුවමනාවක් නොමැත.

කෙසේ නමුත් මෙරට දක්ෂිණාංශික මතවාදය දරන නිදහස අපේක්ෂා කරන දක්ෂිණංශික බලවේගය නැවත එක් කර නව ප්‍රතිපත්ති හා නව මූලධර්ම මත පදනම් වූ, බලවත් දක්ෂිණංශික ජාතික විකල්පයක් බිහි කිරීමට දිනන දකුණ අප බලාපොරොත්තු වෙමු. මෙතුළින් රටේ නව දක්ෂිණංශික දිශානතියක් නිර්මාණය කිරීමට අප අවසාන වශයෙන් ප්‍රතිඥා දෙමු.

ස්තුතියි!

'දිනන දකුණ'
දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය
2025. 02. 17

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka