gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණු කොරියාවේ අනතුර නිසා රත්මලාන එයාර්පෝට් එකේ අවදානම් ඉදිකිරීම් ඉවත්කරයි

දකුණු කොරියාවේ මුආන් අන්තර්ජාතික ගුවන් තොටුපළේ පසුගියදා සිදුවූ ඛේදවාචකයෙන් ජීවිත 179 ක් අහිමිවීම සළකා බලමින්, රත්මලාන අන්තර්ජාතික ගුවන් තොටුපළේ ඇතැම් ස්ථාවර ඉදිකිරීම් හේතුවෙන් ඇති විය හැකි අවදානම් අවම කිරීම සඳහා, එම ඉදිකිරීම් ඉවත් කරන ලෙස අමාත්‍ය බිමල් රත්නායක නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය මීට පෙර අනතුරු ඇඟවීම් නිකුත් කරමින්, ගුවන් තොටුපළේ ස්ථාවර ඉදිකිරීම් සම්බන්ධ අවදානම් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලා සිටියේය.

අන්තර්ජාතික ගුවන් තොටුපොළ ආරක්ෂක රෙගුලාසි උල්ලංඝණය කරන බව පැවැසෙන ගාලු පාර මායිම දිගේ ඝන අඩි 9 කින් යුත් තාප්පයක් සංගමය විසින් පෙන්වාදෙන ලදී.

මෙම ඉදිකිරීම් හේතුවෙන් මෑතදී සිදුවූ මුආන් ගුවන් තොටුපොළ ඛේදවාචකයට සමාන අනතුරු සිදුවිය හැකි බවට අනතුරු ඇඟවන සංගමය, තාප්පය ඉවත්කරන ලෙස ඉල්ලා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka