පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති 77 වන නිදහස් උත්සවය සදහා මහ ජනතාවට වැඩිපුර සහභාගී විය හැකි ආකාරයෙන් නිදහස් චතුරස‍්‍රයේදී පවත්වන බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා පවසයි.
මේ පිලිබදව දැනුවත් කිරීමට කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සදහන් කලේය.
ඊට සහභාගී වූ ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පැවසුවේ මෙවර සැමරුම් පෙළපාලියට හමුදා සාමාජිකයින් 1873ක් සහභාගීවෙන බවත් එය පෙර වසරට වඩා 1511ක් අඩුවීමක් බවත්ය.
ගුවන් හමුදාවේ ගුවන් යානා 03ක් පමණක් මෙවර සහභාගී කරගන්නා අතර සන්නද්ධ රථ පෙළපාලී මෙවර සහභාගී නොවන අතර සාමාජික පෙළපාලිය පමණක් සහභාගී කරගන්නී.
නාවික හමුදාව විසින් සම්ප්‍රධායානුකූලව ආචාර වෙඩිමුර 25ක් පවත්වීමටද නියමිතය.
නිදහස් සැමරුමට සම්පූර්ණ ආරක්ෂක අංශවල සහභාගීත්වය 4421කි.