gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගල්කිස්සේ ඝාතන දෙක බඩෝවිට අසංක සහ කොස්මල්ලී අතර ගැටුමේ ප්‍රතිඵලයක්… විමර්ශන අංශ හෙළිකරයි!

ඊයේ අළුයම වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කරන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට පාතාල අපරාධ මෙහෙයවන කුප්‍රකට අපරාධකරුවන් දෙදෙනෙකු වන බඩෝවිට අසංක සහ කොස්මල්ලී නැමැති අපරාධකරුවන් අතර ඇති වී තිබෙන ගැටුමක දිගුවක් ලෙස බව විමර්ශන අංශ හෙළිදරවු කරගෙන තිබේ.

ඊයේ අළුයම වෙඩි තබා ඝාතනය කළ 36 හැවිරිදි සුදත් ගෝමස් හෙවත් මනෝ නැමැත්තාත්,  චානක විමුක්ති නැමැති 21 හැවිරිදි තරුණයාත් බඩෝවිට අසංකගේ සමීපතමයන් බව ද අනාවරණය වි ඇත. මේ එක් පුද්ගලයෙකුගේ මිත්තනිය සහ සහෝදරයා ඊයේ මත්කුඩු ජාවාරම සම්බන්ධව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු බව ද වාර්තා වේ.

මේ තත්ත්වය තුළ මේ වෙඩි තැබීම කොස්මල්ලීගේ කල්ලිය විසින් බඩෝවිට අසංකට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කළ ඝාතන දෙකක් බව විමර්ශන අංශවලට තොරතුරු ලැබී ඇත. අද අළුයම 4.45 ට පමණ යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනා මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මේ ඝාතනය දෙක සිදුකර පලායන ආකාරය සීසීටීවී දර්ශනවල පැහැදිලිවම සටහන් වී ඇත.

36 හැවිරිදි සුදත් ගෝමස් නැමැත්තා වෙඩි වැදුන තැනම මිය ගිය අතර 21 හැවිරිදි චානක විමුක්ති නැමැති තරුණයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලේ දී මිය ගියේය.

අපරාධය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය ඊයේ උදෑසන ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා සිල්වා විසින් සිදුකරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධව සැකකරුවන් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලිසිය පවසයි. බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

මේ වාර්තා වූයේ නව වසරේ ගෙවුනු දින 07තුළ වෙඩි තබා ඝාතනය කළ දෙවැනි සිදුවීමය. පළමු වෙඩි තැබීමේ සිද්ධිය පසුගිය 04 වැනිදා වැලිගම කප්පරතොට වල්ලිවල ප්‍රදේශයේ දී සිදුවිය.

ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ තත්ත්වය සම්බන්ධව මාධ්‍යය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසා සිටියේය. මාධ්‍ය විමසුවේ මේ සිදුවෙමින් ඇති අපරාධවල අඛණ්ඩතාවය පිළිබඳවය. ඒ අවස්ථාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසුවේය.

“ජනතාවට පැහැදිලියි මොකක්ද වෙන්නේ කියලා. මේ පාතාලයේ කටයුතු විතරක් නෙමෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම කළු සල්ලි සම්බන්ධයි. මෙය ජාලයක්. මේ සම්බන්ධව ආරක්ෂක අංශ කටයුතු කරමින් යනවා. බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබිලා තියනවා මහජන ආරක්ෂක ඇමතිවරයාට. ”

“මා කලින් මාධ්‍ය සාකච්ඡාවෙත් කිව්වා අපි සංදර්ශන කරන්න බලාපොරොත්තුවක් නෑ කියලා. අදාල පසුබිම් සකස් කරගෙන යන්නේ. මම හිතනවා ඔබට ප්‍රතිඵල බලාගන්න පුලුවන් වේවි. “
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka