රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද පැවති සාකච්ඡාව සාර්ථක වූ බව පෞද්ගලික බස් සංගම් පවසයි.
පොලිසිය බස්රථවලට අනවශ්‍ය බලපෑම් එල්ල කරන බවට විරෝධය පළ කරමින් වර්ජනයක් දියත් කිරීමට බස් සංගම් මුලින් තීරණය කර තිබුණි.
මෙම තත්ත්වය මත බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවිය
එම සාකච්ඡාවලදී රථවාහන මෙහෙයුමට අනුකූල වීම සඳහා පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක සහන කාලයක් ලබා දී ඇත.