gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහනාධාර අවසන් කරමින් අස්වැසුම හා සමෘද්ධි පවුල්වල දරුවන්ට ජපාන රැකියා

රටක් විදිහට අපි හොඳ ශක්තිමත් ආර්ථිකක් සහිත රටක් වුනා සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමතිම තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න බවත්, නමුත් අවාසනාවකට රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට අද දින (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.

“මෙම අලුත් අවස්ථාවක් මෙතෙක් කල් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මෙවැනි අවස්ථාව ලබා දුන්නේ මේ විශේෂ කාණ්ඩයට නොවේ. අද සමෘද්ධි සහනාධාර ලබාදුන් ඒ වගේ ම අස්වැසුම ලබන පවුල්වල දුවා දරුවන්ට විදේශ රැකියා සදහා විශේෂ අවස්තාවක් සපයලා තිබෙනවා. අපේ අමාත්‍යාංශයත් සමාජ සවිබලය ගැනිවීමේ අමාත්‍යාංශයත් ඒකාබද්ධව තමයි මෙම වැඩසටහන ආරම්භ කරන්න. ඔබලා සමෘද්ධි හෝ අස්වැසුම ලබන පවුල් වල දූ දරුවෝ. ඇයි අපි සහනාධාර ලබන්න තත්ත්වයට පත්වුනේ ? රටක් විදිහට අපි හොඳ ශක්තියමත් ආර්ථිකක් සහිත රටක් වුනා නම් ඔබට ඒ තත්ත්වයට පත්වෙන්නේ නෑ. කවුරුත් කැමතිම තමන් ඉපදිච්ච මවු  රටේ ස්වශක්ති යෙන් නැගී සිටින්න.

නමුත් අවාසනාවකට අපේ රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අපි බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කරා. එහි ප්‍රථිපලයක් ලෙස තමයි සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල් විශේෂයෙන් මේ අවස්තාවට සහභාගීවන වෙන්නේ. රටක් දියුණු කරන්නනම් නිෂ්පාදනය මත නම් වූ ආර්ථිකයක අපි යන්න ඕනි. භාණ්ඩ හා සේවා මත  නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථික දැක්මක් සහිත රටක් ගෙනියනවා නම් අපිට කාගේවත් සහනාධාර අවශ්‍ය වෙන්නේ නෑ. තමන්ගේ ශක්තියෙන් නැගිටලා තමන්ගේ දෙපයින් නැගිටලා ආදයම හොයා ගන්න පුලුවන්. අපේ බලාපොරොත්තු ඉලක්කේ තියෙන්නේ ඒක සහනාධාර ක්‍රමය දිගටම පවත්වාගෙන යන්න නොවේ. නමුත් ඔබ කවුරුත් දන්නවා.

අද අපි ආර්ථික වශෙයෙන් වැටිච්ච රටක් ඒ නිසා අපිට සිද්ධවෙලා තියෙනවා. මේ යම් කිසි මට්ටමකට ගොඩ එනකම් ඒ අන්තර්කාලය සදහා යම් යම් ක්‍රියාමාර්ග ගන්න. එන්න එවැනි ක්‍රියාමාර්ගයක් තමයි මේ තියෙන්නේ. රට ආර්ථික වශයෙන් දිගු කාලීනව සංවර්ධනය කරන්න. කෙට් කාලීන, මාධ්‍යකාලීන්, දීර්ඝ කාලීන දැක්මක් සහිත වැඩපිළිවෙලක් අවශයයි. එවැනි වැඩපිළිවෙලක ආරම්භය තමයි අපි මේ ඉන්නේ. හැබැයි ඒ අන්තර් කාලය සදහා අපිට මේ ආර්ථිකය කළමනාකරණය  කරගන්න යම් ක්‍රියාමාර්ග අවශ්‍ය වෙලා තිබෙනවා.

විදේශ විනිමය රටට ලබාගන්න පුලුවන් ප්‍රධාන ක්ෂෙත්‍ර දෙක තමයි විදේශ රැකියා හරහා සහ සංචාරක කර්මාන්ත  හරහා. කෙටි කාලීනව මේ ක්ශේත්‍රය දෙක නගාසිටුවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. දිගු කාලීනව මං අර මුලින් සඳහන් කරපු ඒ සැලැස්මට යන්න ඕනි. නමුත් ඒ අන්තර් කාලය ගොඩනංවා ගන්න අද ලෝකය පුරා වැඩකරන ශ්‍රි ලාංකිකයෝ මිලියන තුනහමාරක් විතර ඉන්නවා. විවිධ ක්ශේත්‍රවල වැඩ කරනවා. වෘත්තිකයන් විවිධ මට්ටමි වල රැකියාවල නියුක්ත වෙනවා ඒ වගේම  අපිට හැමදාම විදේශ විනිමය එවනවා .අවුරුද්දකට ඩොලර් මිලියන 6500 ක් පමණ එවනවා.

මේ වන විට සංචාරක ක්ශේත්‍රයෙත් විදේශ විනිමය උපයන ප්‍රමාණය වැඩිවෙමින් තිබෙනවා.මේක රටක් විදිහට මේ තියන අර්බුදයෙන් ගොඩ ඒම සදහා ලොකු අත්වැලක් .ඔබ ජපානයට ගිහිල්ලා ජපානය තුළ අලුත් රැකියාවලට සම්බන්ධ වෙලා .විශේෂයෙන් ම දියුණු ජපානයේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ ආර්ථිකත් එක්ක සම්බන්ධතා වෙච්ච රැකියාවලට යොමු වෙලා ඔබේ අනාගතය දියුණු කරගන්න ඒ වගේම  රටේ අනාගතය දියුණු කරන්නත් මැදිහත් වෙන්න .ඒක ඔබේ පවුලේ, පුද්ගලික ජීවතයට වගේම රටේ දියුණුවටත් ඉවහල් වෙයි.

මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපි තවදුරටත් මේ සහනාධාර දෙන තත්ත්වයේම තියාගන්න නෙවෙයි .ඔබේ අම්මා තාත්තාට සමෘද්ධිය අස්වැසුම ලැබෙන තත්ත්වයට පත්වුනේ අර තිබුණු ආර්ථික බංකොලොත්කම නිසා.ඔබ ඒ තත්ත්වයෙන් ඔබේ පවුල මුදවා ගත යුතුයි.ඔබ ස්වාධීනව රටේ ආර්ථිකය දියුණු කරන්න යම් කිසි ව්‍යසායකත්ව වැඩසටහනකට සම්බන්ධ වෙන්න.එහෙම වුනොත් තමයි ඔබේ ආර්ථිකය සංව­ර්ධ­න­ය වෙන්නේ අද අපි මේ ලබාදෙන අවස්තාව ඔබේ ජීවිතයේ වටිනාම අවස්තාවයි.ඔබ ජපානයට ගිහින් ඔබේ ජීවිතය සාර්ථක කරගත්තොත් රටේ ආර්ථිකත් සාර්ථක වෙන්නේ.අපි මේ සිදුකරන වැඩෙත් සාර්ථක වෙන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka