gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බයික් වලින් ගොස් කඩාපැන ‘ස්පා’ තරුණියන් කොල්ලකන පාතාල කල්ලියක්!

සොරාගත් යතුරුපැදිවලින් නියුණු ආයුධද සහිතව ගොස් සම්බාහන ආයතනවල තරුණියන්ගේ දේපොළ කොල්ලකෑම්හි යෙදුණු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. යතුරුපැදී සොරාගෙන කොල්ලකරුවන්ට දුන් සේදවත්තේ 'ජම්බෝ' නමැත්තාද මේ අතර සිටින බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුද බව කියන අයකුගේ සමීපතමයන් බවත් කොස්ගම හා වාද්දුව පොලිස් වසම් වලින් සොරා ගත් යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

ඝාතන  රැසකට යොදාගත් යතුරු පැදී සහ ත්‍රිරෝද රථ තොගයක්  සේදවත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සුඛෝපභෝගී නිවසක සඟවා තිබෙන බවට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (38723) රංජිත්ට ලද තොරතුරකට අනුව දින කීපයකට ඉහතදී එම නිවස වටලා යතුරුපැදි තුනක් සහ ත්‍රිරෝද රථ තුනක්ද සමඟ ජාවාරම්කරුගේ සමීපතමයන් දෙදෙනකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එහිදී ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තැනැත්තාට දුන් දුරකථන සංවාදයකට සවන් දුන් පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ විමර්ශන සිදුකර තොටළඟ මෝදර උයන නිවාස සංකීර්ණයේදී එම කල්ලියේ ප්‍රබල සාමාජිකයකු අත්අඩංගුවට ගෙත ඇති අතර සැකකරුගෙන් ප්‍රශ්නකර ඉකුත් මාස කිහිපයේ තලංගම, පෑලියගොඩ සහ මිරිහාන පොලිස් වසම්වල සම්බාහන ආයතනවලට යතුරුපැදිවලින් ගොස් තියුණු ආයුධ පෙන්වා තරුණියන්ගේ දේපොළ කොල්ලකැ තවත් අයකු පිළිබඳව අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

එට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඒ මොහොතේම මෙහෙයුමක් ක්‍රියාත්මක කළමුත් සොරාගත් යතුරු පැදි සන්තකයේ තබා ගත් තැනැත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලිසිය පවසයි.මෙම පාතාල සාමාජිකයන් මිරිහාන ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩා වැදී තරුණියකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාලකර දේපොළ කොල්ලකෑම හේතුවෙන් ඇගේ හිසට මැහුම් 17 ක් යෙදීමට සිදුවූ බවද විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka