gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරිපස දොර ඇරෙනවා වෙනුවට නිවසේ පිටුපස දොර වැසෙන හඬ ඇසුණා.. කෙස් වැටියත් අවුල් වූ බිරිඳ සැමියා දැක නොසන්සුන් වෙයි

ඔහුගේ පණ වුණේ ඇයයි.. ඒ නිසාම දෝ නෝනාට යම්කිසි දොසක් කවුරුවත් කියනවාටවත් ඔහු කැමති වුණේ නැහැ..

නෝනා මෙරට තනිකර විදෙස් ගතවූවද ඔහු ඇයට සැපදෙන්නේ අන්න ඒ නිසා කිව්වොත් හරි..
විදෙස් රටක සිටියද ඔහු ඉඩක් ලද විගස ඇයට දුරකතන ඇමතුම් දෙන්නත් අමතක කරන්නේ නැහැ.. කිසිම ලෝභකමක් නැතිව ඇය ඉල්ලන ඉල්ලන දේ ගැනීමට මුදල් යහමින් එවන ඔහුට ඇයගෙන්ද ලැබෙන ආදර වදන්ද බොහෝයි..

ඒ ඔක්කොම කතා මැද එකදවසක් ඔහුට විශේෂ කරන්න හිතුණා.. නෝනාගේ ජන්ම දිනය දා ඇය පුදුම කරවන්න විදෙස් රටක සිට නොදන්වා පැමිණි සැමියාට වුණේ මහ විපත්තියක්.. ඒ පුදුම වෙන්න සිදුවූ පුවතක් ඇසෙන්නේ ගාල්ල ප්‍රදේශයෙන්..

ඔහුගේ ආදර බස් හමුවේ ඔහු තව තවත් ඇය ඉල්ලන ඉල්ලන දේ ගැනීමට මුදල් එව්වා... ඇත්තටම මෙවැනි භාර්යාවක් ලැබුණේ තමාගේ පෙර පිනකට යයි ඔහු සිතුවා.. ඔහු සේවය කරන රටේ මිතුරන්ට ද එය පැවසුවේ ආඩම්බරයෙක්.. ඔහු උදේට නැගිට්ටේ, රාත්‍රියේ නින්දට ගියේත් කාමරයේ මේසය මත තබා තිබූ ඇයගේ ඡායාරූපය බල බලායි..

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියා.. ඔහු විදෙස්ගතවී වසරක් ගතවූණා... එය ඔහුට නම් කල්ප කාලයක්.. භාර්යාවට නම් සුළු කාලයක්.. වසරකින් ඔහුට කෙටි නිවාඩුවක් ගැනීමට සේවය කරන ආයතනයෙන් අවසර ලැබී තිබුණත් ඔහු ඇයට ඒ ගැන කටේ කෙළ බිඳක් බිම නොහැලු‍වා.. ඒ එක හේතුවක් නිසායි..

ළග ළග එන භාර්යාවගේ උපන්දිනය නිසායි.. එදාට ලංකාවට ගොස් ඇය පුදුම කරන්නටය... ඇයගෙන් වැඩි වැඩියෙන් ආදරය ලබා ගෙන කෙටි නිවාඩුව ප්‍රීතියෙන් ගත කිරීමටයි...
එදා උදේ ඔහු සිය නිවසට ආවා.. නිවසේ ගේට්ටුව වසායි... ගේට්ටුව ළග සිටම ඔහු ජංගම දුරකතනයෙන් ඇයට සුබ පැතුවා... තොදොල් වෙමින් ඇය කීවේ තමා මතක්වුණේ දැන්දැයි පමණයි.. ඇයගේ කඩහඬ ඉතාම සිහින්..

ඔහු සිතුවේ ඇය අසනීපයකින් පෙළෙනු ඇතැයි සිතායි... තවත් ඇය රිදවීමට හොඳ නැතැයි සිතු ඔහු කීවේ තමා ඉන්නේ නිවසේ ගේට්ටුව ළග බවයි... ඔහු සිතුවේ ඇය කඩා පැනගෙනවිත් තබා සිප වැලඳ ගනීවී කියා වුවත්, ඇය එන්න පරක්කු වුණා.. ඔහුම ගේට්ටුව විවෘත කරගෙන නිවස දෙසට පිය නැගද්දී සිදුවුණේ නොසිතූ දෙයක්..

නිවසේ දොරකඩ පිරිමියෙකුගේ පාවහන් යුගලක්... ඔහුගේ හෘදයේ ලබ් ඩබ් ශබ්දය වැඩිවුණා... ඉදිරිපස දොර ඇරෙනු වෙනුවට නිවසේ පිටුපස දොර ඇරෙනු ඇසුනා... ඒ එක්කම නෝනා නිවසේ ඉදිරිපස දොර ඇරගෙන ආවා... කෙස් වැටිය අවුල්.. රාත්‍රි නිදන ඇඳුම පිටින්.. මුහුණ රතු වෙලා... නිදන කාමරයේ සයනයද අවුල්..

සිදුවූ දේ තේරුම් ගිය ඔහු ඇයට මුකුත් නොපවසාම නිවසෙන් බැස ගියේ ඇය වෙනුවෙන් ගන්න ඕන අවසන් තීරණය ගැනිමට සිතායි.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka