gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමලා නැන්දා හැප්පිලා විසිවුණා – තරිණිව දැක්කේ නෑ – මම කලින් කෝච්චියේ ගිහින් නෑ..රේල් පාරේ ගමන් කළේ මගේ වුවමනාවට...

”අපි ගමන් කළේ පදික වේදිකාවත්, රේල්පීල්ලත් අතර කොටසේ, ඒ හරියේ පදික වේදිකාව දිගයි. පදික වේදිකාවේ යනකොට කෝච්චි ඈතින් එනවා, එතකොට අපි හිටිය තැනයි දුම්රිය අතර දුර මීටර් 500ක් පමණ ඇති. පදික වේදිකාවයි රේල්පිල්ලයි අතර කුඩා ඉඩක් තිබ්බේ. ඉදිරියෙන්ම ගමන් කළේ. දුම්රිය ළඟ එනවා දැකලා මම ඉක්මනට අත තියලා පදික වේදිකාව උඩට ක්ෂණිකව නැග ගත්තා. තරිනි සහ විමලා නැන්දා මගේ පිටිපස්සෙන් ආවෙ. ඒ දෙන්නා පීල්ලත් පදික වේදිකාවත් අතර මැද කොටසේ හිටියා. නැග ගන්න බැරි වුණා.

එක පාරටම මම දැක්ක විමලා නැන්දා කෝච්චියට වැදිලා රෝල් වෙලා යනවා. මම තරිදිව දැක්කේ නෑ. මම කැලේ පැත්තට පැනලා තරිනිගෙ ලොකු අම්මගේ

නිවසට ගොස් සිඟිති අක්කට කිව්වා. දැනගත්තා ඒ දෙන්නා ජීවිතක්ෂයට පත් වූ බව. කුඩා කාලයේ සිට තරිණියි මමයි, එකට පාසල් ගියේ. කුඩා කල සිට අපි දෙන්න හොඳ මිතුරන්,

පෙරේදා 22 දා පස්වරුවේ අනුරාධපුර නව නගරයේ අලුතෙන් ඉදිකරමින් පවතින බහුවිධ දුම්රිය

ස්ථානය අසල දුම්රිය මාර්ගයේ ඡායාරූප ගනිමින් සිටියදී දෙදෙනෙකු දුම්රිය ගැටී ජීවිතක්ෂයට පත් වූ අනතුරේ සාක්ෂි ලබා දෙමින් පහළ පාර මාපලාන ශ්‍රී පලාබද්ධල, රත්නපුර. පදිංචිව සිටි 18 හැවිරිදි මිල්ල ගස්තැන්නේගේ විහඟ සිතුවම් ඒකනායක මෙසේ පැවසීය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර, මාපලාන, ශ්‍රී පලාපද්දල ප්‍රදේශයේ පදිංචිව සිටි තරිණි නිසාදරී නිළුපුලී රණසිංහ නමැති 18 හැවිරිදි පාසල් දැරියක සහ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කේ. විමලා රංජනී නමැති දැරියගේ ඥාතියකු වන 37 හැවිරිදි කාන්තාවකි.

රත්නපුරයේ පාසල් පහක සිසු සිසුවියන් පිරිසක් බස් රථයකින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේ අසල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා සහභාගි වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

විහඟ සිතුවම් ඒකනායක මෙසේ ද පැවසීය.

”මම ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. 20 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා මගේ මල්ලිලා දෙන්නා ක්‍රීඩා කරන්න හිටියා. අම්මත් තාත්තත් මේ මල්ලිලාත් ක්‍රීඩා උත්සවයට ආවා. මෙය පැවැත්වුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටිය අසල ගෟහස්ථ ක්‍රීඩාංගණය තුළ. 22 දා මේ ජීවිතක්ෂයට පත්වුණු තරිනි නිසාදරිගේ ලොකු අම්මා කෙනෙක් අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානය ආසන්නයේ, විමුක්ති පටුමග අසල, 26/4, ස්ථානයේ පදිංචිව ඉන්නවා කිව්වා. පස්සේ අපි ඇගේ ලොකු අම්මා වන ලලිතා නැන්දාගේ නිවසට ගියා.

ඒ ගමනට විමලා රංජනී නැන්දත් අප සමග එකතු වුණා. රංජනී නැන්දා අපේ ගෙදරට උඩ පාරේ අපේ නිවස ආසන්නයේ තමයි පදිංචිව සිටින්නේ, අපි ක්‍රීඩාංගණයේ ඉඳලා නාච්චාදූව පාරේ යන බස් එක ඇවිල්ල බැහැලා තමයි අනුරාධපුර නව නගරයේ දුම්රිය පාරෙන් තරිණිගේ ලොකු අම්මලාගේ ගෙදරට ගියේ. පසුව තරිණිගේ ලොකු අම්මා අපිට බීම හදලා දුන්නා. බීම බීලා නැවත අපි රේල් පාර දිගේ අනුරාධපුර ප්‍රධාන දුම්රියපළ දෙසට පයින් ආවා. එන අතර වාරයේ අපි තුන්දෙනා රේල් පාර අසල නතර වෙලා ෆෝන් එකෙන් ෆොටෝ ගැහුවා. විමලා රංජනී නැන්දා කිව්වා මට ෆොටෝ ගහන්න කියලා. මියගිය තරිණිත් කිව්වා ෆොටෝ ගහන්න කියලා. පසුව මම දෙන්නගෙම ෆොටෝ ගත්තා. ෆොටෝ හයක් විතර ගත්තා. අන්තිම ෆොටෝ එක ගත්තේ හවස 4.11ට පමණ. ෆොටෝ අරගෙන රේල් පාර දිගේ ගමන් කළා. මට තමා උවමනාව තිබ්බේ රේල් පාර දිගේ ගමන් කරන්න. රේල් පාර සම්බන්ධයෙන් මට දැනුවත් භාවයක් තිබ්බේ නැ. රේල් පාර දිගේ ඉස්සරහට ආවම පොලිසිය පිටිපස්සෙන් සල්ගාදු පිට්ටනියට යන්න පුළුවන් කියලා කිව්ව නිසා අපි එන්න පිටත් වුණා. මම මීට පෙර දුම්රියක ගිහිල්ලා නෑ. මේ රේල් පාර ගැනවත් දුම්රිය ගැනවත් මට දැනුවත් භාවයක් නෑ. අපි ගමන් කළේ පදික වේදිකාවත්, රේල්පීල්ලත් අතර කොටසේ, ඒ හරියේ පදික වේදිකාව දිගයි. පදික වේදිකාවේ යන කොට කෝච්චි ඈතින් එනවා, එත කොට අපි හිටිය තැනයි දුම්රිය අතර දුර මීටර් 500ක් පමණ ඇති. පදික වේදිකාවයි රේල්පිල්ලයි අතර කුඩා ඉඩක් තිබ්බේ. දුම්රිය ළඟ එනවා දැකලා මම ඉක්මනට අත තියලා පදික වේදිකාව උඩට ක්ෂණිකව නැග ගත්තා. තරිනි සහ විමලා නැන්දා මගේ පිටිපස්සෙන් ආවෙ. ඒ කුඩා ඉඩ අතරින් ඒ දෙන්නට උඩ නැග ගන්න බැරි වුණා.

එක පාරටම මම දැක්ක විමලා නැන්දා කෝච්චියට වැදිලා රෝල් වෙලා යනවා. මම තරිදිව දැක්කේ නෑ. මම කැලේ පැත්තට පැනලා තරිනිගෙ ලොකු අම්මගේ නිවසට ගොස් සිඟිති අක්කට කිවිවා තරිදි සහ විමලා නැනදා දෙන්නා කෝච්චියට හැප්පුණා කියලා.

පසුව ඒ ගෙදර අය එම ස්ථානයට ආවා.

පසුව මම මගේ අම්මට කෝල් කරලා කිව්වා තරිනි සහ විමලා නැන්දා කෝච්චියේ හැපුණා කියලා. අම්මා හිටියේ සල්ගාදු ක්‍රීඩාංගණයේ.

පසුව අම්මයි තාත්තයි එම ස්ථානයට ආවා. පසුව මට දැන ගන්නට ලැබුණා ඒ දෙන්නගෙ මළ සිරුරු දෙක ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට රැගෙන ගිය බව,

මෙහිදී බාහිර ටයිකොන්ඩෝ උපදේශක, මාපලාන, ඉහළ පාර, ශ්‍රී පලාබද්ධර , රත්නපුර පදිංචි මාවනැල්ල කට්ටඩිගේ වසන්ත නයන කුමාර යන අය සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසීය.

“අනුරාධපුරයේ පැවැත්වෙන පාසල් ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා පාසල් පහක ළමුන් බස් රථයකින් ඉකුත් 20 දා අනුරාධපුරයට පැමිණියා. පලාබද්දල මධ්‍යමහා විද්‍යාලයේ ළමයි 8ක් මාගේ භාරයේ ආවා. හත්දෙනෙකුගේ දෙමව්පියන් ආවා. මේ තරගාවලිය 20, 21, 22, සහ 23 වෙන දින හතරේ ගල්ගාදු ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත් වෙනවා. අපි නවාතැන්ගෙන සිටියේ පැරණි පූජා නගරයේ සංඝමිත්තා මාවතේ මහා බෝධි විද්‍යාලයේ.

මේ ජීවිතක්ෂයට පත්ව සිටින තරිනි නිසාදරී නිළුපුලිගේ දෙමව්පියන් ආවේ නැහැ.

මේ ජීවිතක්ෂයට පත්ව සිටින තරිණි නිසාදරී නිළිපුලී 21 දා පැවැති කිලෝ ග්‍රෑම් 62 ත් 67ත් අතර බර පන්තියේ ටයිකොන්ඩෝ වෙලටරි තරගයට ඉදිරිපත් වුණා. ඇය ඒ තරගයෙන් පරාජයට පත්වුණා.

යළි සංඝ බෝධි විද්‍යාලයට ගොස් එදින රාත්‍රිය ගත කර පසුදා නැවතත් සල්ගාදු පිටියට පැමිණියා. සාමාන්‍යයෙන් පැරදුණු ක්‍රීඩකයන් දෙමව්පියන් ක්‍රීඩා පිටියේ ඉන්න ඕනේ.

නමුත් තරිණි නිසාදරී සහ මාගේ ශිෂ්‍යයකු වන ආකාස්ගේ මව වන, විමලා යන අය මා හට නොදන්වා අනුරාධපුර නව නගරයට ගොස් තිබෙනවා. මම තරගයේ ඉන්න අවස්ථාවේදී ෆොටෝ ගහපු විහඟගේ තාත්තා වන රුවන් ඒකනායක මට දුරකථන ඇමැතුමක් ලබා දීලා කිව්වා තරිනි සහ ක්‍රීඩා පිටියේ සිටි ආකාස්ගේ අම්ම වන විමලා රංජනී කෝච්චියට හැප්පුණා කියලා.

මම වහාම ක්‍රියාත්මක වෙලා ඉදිරියට තිබ්බ තරග අවලංගු කරලා, ඉතුරු ළමයි ටික බස් එකට දාලා අපි නතර වෙලා හිටපු සංඝමිත්තා විදුහලට යැව්වා.

පසුව මම සිද්ධිය වෙච්ච ස්ථානයට ගියා. අනුරාධපුර පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා.

මෘත දේහ තිබෙන්නේ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේට මම ගියේ නෑ. ප්‍රකාශයක් ලබා දෙන්න අනුරාධපුර පොලිසියට ගියා. මේ සම්බන්ධයෙන් මා විමසීම් කළ අවස්ථාවේදී දැන ගැනීමට ලැබුණේ විහඟ සිතුවම් , තරිනි නිසාදරී සහ විමලා රංජනී යන අය අනාරක්ෂිත ප්‍රදේශයකට ගොස් මේ අයගේ නොසැලිකිලිමත් බව නිසා මේ සිදු වීම වෙන්නට ඇත බවයි.”

ඡායාරූප සටහන මිහින්තලේ රංග චතූ, අනුරාධපුර විශේෂ පර්සි කුරුනේරු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka