gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ලේ නාගොඩදි ඇල්ලු කෝටි 500ක කුඩු තොගයෙන් කෝටි 4ක කුඩු අතුරුදන් වුණේ කොහොමද?

අත්අඩංගුවට ගත් කුඩුවලින් කුඩු අතුරුදන් වීමේ සිද්ධීන් කොතෙකුත් වාර්තා වී ඇත. අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සීල්කොට ගබඩා කර තිබූ කුඩුද මීට පෙර කලක අතුරුදන් විය. පොලිස් අත්අඩංගුවට පත්ව රස පරීක්‍ෂකවරයා වෙත යවන ලද කුඩුද ඇතැම් අවස්ථාවලදී ග්‍රෑම් දෙක තුන අතුරුදන් විය.

එමෙන්ම අධිකරණ නියෝග මත අදාළ නඩු භාණ්ඩ ගබඩාවල තිබූ කුඩුද සමහරක් අවස්ථාවල අතුරුදන් වී තිබිණි. එසේත් නැතහොත් අල්ලන ලද කුඩු වෙනුවට තිබුණේ වෙනත් කුඩුය. පසුගිය නොවැම්බර් මස 21 වැනිදා ප්‍රාදේශීය පොලිසියක් විසින් අත්අඩංගුවට ගත් දැවැන්තම කුඩු තොගය ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී සොයාගනු ලැබීය. ඒ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්ය. අත්අඩංගුවට ගත් කුඩු තොගය රුපියල් කෝටි 500ක් පමණ විය. අල්ලාගත් තොගය අතර හෙරොයින් මෙන්ම අයිස් මත්ද්‍රව්‍යද විය. මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ එම නිවෙසේ සිටි හිමිකරුද නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය.

පසුව අල්ලාගත් කුඩු තොගය සමඟ එ නිවෙස් හිමියා ඇතුළු තවත් සිවුදෙනකු වැඩිදුර පරීක්‍ෂණ සඳහා  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදෙනු ලැබීය. ගැටලුව ඇති වී ඇත්තේ එතැනදීය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එම කුඩු තොග සම්බන්ධයෙන් පොලිසියට භාරදුන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.

එහිදී අනාවරණය වන්නේ එම කුඩු තොගයෙන් කිලෝ 3ක් පමණ අතුරුදන්ව ඇති බවය. එම කිලෝ  3 මේ වන විට වෙළෙඳ පොළේ වටිනාකම රුපියල් කෝටි 4කට ආසන්නය. සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පවසා ඇත්තේ කුඩු කිලෝ 70ක් තම නිවෙසේ තිබූ බවය. එහෙත් විමර්ශනයට ලක්ව ඇත්තේ කුඩු කිලෝ 67ක් බව සඳහන්ය. එසේ නම් එම කිලෝ 3ට  සිදුවූයේ කුමක්ද?

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ  දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාර්යකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට එම පොලිස් විමර්ශන සිදුකළ නිලධාර්න් 8 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සහභාගි වූ විමර්ශන නිලධාරියෙකු පැවැසුවේ අල්ලාගත් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් ඉදිරියේම කිරා බර මැන සටහන් යෙදු බවය. එම නිලධාරියා වැඩිදුරටත් පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් එලෙස මත්ද්‍රව්‍ය කිලෝ ගණනක් අතුරුදන්ව ඇත්නම් ඒ බව බ්ර කිරන මොහොතේ හෝ සටහන් තබා සීල් කරන ලද අවස්ථාවේ හෝ පොලිසියට නොකීවේ මන්ද යන්නයි.

මේ නිසා මත්ද්‍රව්‍ය අතුරුදන්  වීමේ ප්‍රශ්නය මේ වන විට දැඩි කුතුහලයකට ලක්ව ඇත. වැටලීම සම්බන්ධයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් සටහන් යෙදූ පොත්පත් පවා රහස් පොලිසියේ නිරීක්‍ෂණයට ලක්ව ඇත. රහස් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් එම වැටලීමේ නිරත වූ තවත් නිලධාරීන් කිහිප දෙනකුගෙන්ම ප්‍රශ්න කිරීමට නියමිත බවය.

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය නිර්ණය කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු දකුණු පළාතේ උසස් නිලධාරීන් පවා සහභාගි වූ අතර ඔවුන් ඉදිරියේ මත්ද්‍රව්‍ය පරික්‍ෂා කිරීමක්ද සිදුවිය.ඉකුත් 18 වැනිදා රාත්‍රියේ ගන්දර, නුන්නවැල්ල වෙරළ තීරය වෙත ඩිංගි බෝට්ටුවක ආධාරයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනැවිත් තිබිණි. එලෙස ගෙනෙන ලද මත්ද්‍රව්‍ය තොගය මුහුදු වෙරළේ ඇති අතහැර දමා ගිය කඩයක අසුරා ඇත. පසුව වෑන් රියකින් එම මත්ද්‍රව්‍ය තොගය එම ස්ථානයෙන් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කර තිබිණි.

වෑන් රියට මත්ද්‍රව්‍ය තොග පටවන ආකාරය කිසියම් පුද්ගලයකු විසින් වීඩියෝ ගත කර ඇත. විමර්ශන නිලධාරීන්ට ලැබෙන්නේ එම තොරතුරුය, පොලිසියට ඔත්තුව දුන් පුද්ගලයා පවසන්නේ වීඩියෝ ගත කළ පුද්ගලයා එම වීඩියෝව ජාවාරම්කරුවන් වෙත ලබාදීමට නම් රුපියල් ලක්‍ෂ 50ක් ඉල්ලා ඇති බවය. එහෙත් එම තොගයේ ජාවාරම්කරුවන් කියා ඇත්තේ ලක්‍ෂ 20ක් අවශ්‍ය නම් දිය හැකි බවකි.

එම ආරවුල දැනගත් ඔත්තුකරු මේ බව පොලිසියට පැවසීමත් සමඟ ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කළ නිලධාහු වැඩි දිනක් යන්නට මත්තෙන් වීඩියෝ ගතකළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.ඒ වන විට ඔහු සතුව තිබූ වීඩියෝව මකා දමා තිබූ අතර නවීන තාක්‍ෂණය උපයෝගි කරගනිමින් මකා දැමුණු එම වීඩියෝව යළි පිරික්සා ඒ ඔස්සේ විමර්ශන සිදුකෙර්ණී.

ඒ අනුව මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරන ලද වෑන් රිය සහ එය පැද වූ රියැදුරාද කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකිවූ අතර ඊට ආධාර අනුබල දුන් කිහිප දෙනකුද අත්අඩංගුවට ගත්තේය. ඒ එක් අයකු අත මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් ප්‍රමාණයක්ද තිබිණි.

එහිදී සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය භාරගත් මෙරට නියෝජිතයාද හඳුනාගත් අතර ඔහු සොයා ඔහු තාවකාලිකව පදිංචිව සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවෙසක් සෝදිසි කළද ඔහු ඒ වන විටත් එතැනින් පලාගොස් තිබිණි. මත්ද්‍රව්‍ය ඇසුරුම්වල එම තොගය පාකිස්තානයේ නිෂ්පාදිත ඒවා බව සඳහන්ව තිබූ අතර එම මත්ද්‍රව්‍ය නෞකාවක් මඟින් පාකිස්තානයේ සිට ගෙන්වා අධිබලැති ටැංකි බෝට්ටුවක පටවා මහ මුහුදේදී කුඩා ඩිංගි බෝට්ටුවල පටවා මෙරට වෙරළ තීරයට එවා ඇති බවය. එලෙස එවූ මත්ද්‍රව්‍ය  තොගය පසුව වෑන් රියකින් ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ නිවෙසකට ගෙන ගොස් තිබිණි. එහිදී නිලධාරීන් එලෙස සැඟවූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ක්‍රොගය සිය භාරයට ගෙන ඇත්තේ සැකකරුවකුද සමඟය.

සැකකරුවන් පස්දෙනකු  සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 3කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් අතුරුදන්ව ඇති බව කියන්නේ ඔය අතරය. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ ආරංචි මාර්ග පවසන්නේ ජාවාරම්කරුවන්ගෙන්   අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයත් විමර්ශන කණ්ඩායම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් මත්ද්‍රව්‍ය තොගයෙත් වෙනස් කර ඇති බවය.

විමර්ශන නිලධාරීන් එසේ පවසන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුන් ප්‍රකාශයකට අනුවය. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙහි ඇත්ත නැත්ත සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

කීර්ති මෙන්ඩිස්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka