මාසයක් පුරා අඛණ්ඩව යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව පරීක්ෂණ කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර ඇත.
එම පරීක්ෂණවලදී යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙසද අභියාචනාධිකරණය පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට නියෝග කර ඇත.
එම යාපනය ප්‍රදේශයේ පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වාසී රටවලින් ඇදී එන අහිතකර කාරක හේතුවෙන් ප්‍රදේශයේ වායු දූෂණයක් ඇතිවී තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂා කරන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළද එය ඉටුවී නොමැති බව පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙන්වා දුන්නේය.
එම ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය උමාසුකී නඩරාජා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.