gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධනය, බලය වගේම සැප ලැබදෙන ප්‍රබල ග්‍රහ මාරුවක් ගැන ඇසෙන කතාව මෙන්න

අපි කවුරුත් කැමතියි කාගේත් ජීවිත සතුටෙන් පිරී ඉතිරෙනවාට..

මේ කියන්න යන්නේ 2024 වර්ෂය අවසන් වෙන්නට පෙර සිදුවන තවත් ඒ වගේ ප්‍රබල ග්‍රහමාරුවක් ගැන කතාවක්.. 

එළඹෙන සිකුරාදා ගැන ඇසෙන ඒ කතාව මොකද්ද...? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

දෙසැම්බර් 20 සිකුරාදා අලුයම 2.04ට සඳු සිංහ රාශිගතවීමත් සමඟ දින අටක් පුරා සියලු ලග්න හිමියන්ට ධනය, බලය, වාසනාව ගෙනෙන ඒකාවලි හෙවත් වීණා යෝගය උදා වනු ඇතියි..

රාහු, කේතු හැර අනෙක් ග්‍රහයින් 7 දෙනාම එක් එක් භාවයන්හි තනි තනිව යෙදෙන කල මේ ප්‍රශස්ත ඒකාවලි යෝගය සෑදේ. මේ කාලය තුළ රවි ධනුවේද කුජ කටකයේද, බුධ වෘශ්චිකයේද, ගුරු වෘෂභයේද, සිකුරු මකරයේද, ශනි කුම්භයේද ගෝචර වේ. එමෙන්ම රාහු මීනයේද, කේතු කන්‍යාවේද, යුරේනස් මේෂයේ ද පවතිනු ඇත.

ඒ අනුව දෙසැම්බර් 20 සිකුරාදා අලුයම 2.04ට සිංහයේ ගෝචර වන සඳු, 22 වැනිදා අලුයම 12.59ට කන්‍යා රාශියට පිවිස එහි ගෝචර වී, 25 වැනිදා අලුයම 1.52 ට තුලා රාශියට පිවිසේ. සඳු තුලා රාශියෙන් නික්ම යන 27 වැනිදා දවල් 1.54 තෙක්ම මේ ඒකාවලි හෙවත් වීණා යෝගය උදාව පවතිනු ඇත. රාහු, කේතු, හැර සෙසු ග්‍රහයින් 7 දෙනා මෙසේ වෙන් වෙන්ව තනි තනි භාවයන්හි යෙදුණු විට, උදාවන මේ ඒකාවලි හෙවත් වීණා යෝගය ඉතා දුර්ලභ ප්‍රශස්ත යෝගයකි.

මෙය ශශ යෝග බලයද හිමිවන වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන් සඳහා වඩාත් සුබපල ගෙන දෙනු ඇත. සද්ජන ඇසුර හිමි වන, කථාවෙහි බුහුටි, සෞන්දර්ය කලා හැකියාවන් වර්ධනය වන කාලයකි. උගත්, බුද්ධිමත්කමට සරිලන පිළිගැනීම හිමිවේ. ධන වාසනා ගෙනදේ. අනාගතය පී‍්‍රතිමත් වන කටයුතුවලට අඩිතාලම වැටෙන කාලයකි. පෞරුෂය වර්ධනය වේ. නිර්භය වේ.

මේ කාලය තුළ උපදින සියලු දරු දැරියන්ට මේ ඒකාවලි යෝග බලය හිමි වන අතර ඔවුන් තෙදවත්, පෞරුෂවත්, නිර්භය, ධන වාසනා හිමි, නායකත්ව ගුණාංග පිහිටන ඉතා වාසනාවන්ත අනාගතයකට උරුමකම් කියනු ඇත.

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka